Featured News

Video Gossip

Advertisement

චමුදිතට එරෙහි පොලිස් පරීක්‍ෂණ

හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් තුනක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත ප‍්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතා ඉකුත් 10 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ කොට්ඨාසය උත්සාහ කර ඇත.
එහෙත් කලින් දැනුම්දීමකින් තොරව මේ පිළිබඳව ප‍්‍රකාශ ලබාදිය නොහැකි බව සමරවික‍්‍රම මහතා එහිදී ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන බවට සමරවික‍්‍රම මහතාට අපරාධ කොට්ඨාශය දැනුම්දී ඇත.

කොරෝනා එන්නත්කරණයේ සිදුවන අඩුපාඩු සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්ම යුද හමුදාව එන්නත්කරණයට සම්බන්ධවීමෙන් පසු කොරෝනා ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට කළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන පැවැත්වීමට පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.


එමෙන්ම යුද හමුදාව සහල් මාෆියාව පරදවා රටේ සහල් හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවට ඉකුත් වසරේදී කළ ප‍්‍රකාශය පිළිබඳව දැඩි විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන්ද චමුදිත සමරවික‍්‍රම මහතාට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත.


– divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements