Featured News

Video Gossip

Advertisement

කලින් සැමියාගෙන් වෙන්වී දිගු නිහැඩියාවකින් පසු තමන්වෙත ලංවූ තරිදු සමග අංජලී ගෙවන සැප ජීවිතේ

ඇය නර්ථන කලාව සිය ආත්මය කොට ගත්තේය. ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ ඇගේ අරමුණ වූයේ නර්ථන ගුරුවරියක් වීමයි. 

ඒ අතරතුර සුජීව ප්‍රසන්න ආරච්චිගේ “බොඳ මීදුම්” නවකතා පොතේ පිට කවරය සරසන්නට ඇගේ රුව ‍තෝරා ගන්නා ලදී.

එයින් ලද අසීමිත ජනප්‍රියතාවය ඇය රංගනයට යොමු කිරීමට තරම් එය සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ප්‍රථම රංගනය සඳහා අවස්ථාව උදාවන්නේ මහා නිළි ‍රැජින මාලනි ෆොන්සේකා සමඟයි.

ඒ අවස්ථාව තම ජිවිතේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්කරමින් රංඟන කලාවේ මෙතෙක් දුර ගමනක් පැමිණිමට තරම් මහත් රුකුලක් ශක්තියක් වූ බව ඇය සඳහන් කරන්නීය. 

මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ “දෙවෙනි ඉනිමේ” දෙව්මිගේ මව හෙවත් අනුෂා ලෙස මෙන්ම ස්වාධීන රූපවාහිනියේ සතියේ දින පහේම රාත්‍රි 7.30ට විකාශනය වන හදවිල අරණ ටෙලි නාට්‍යයේ නිමාලිගේ චරිතයෙන්ද ඇය ඉතා සාර්ථක රංගකරණයක නිරතවන්නීය. ඇය අංජලි ලියනගේ නම් වේ.

දැන් ඇය රංගන ජිවිතයට පැමිනලා වසර දහ අටක් විතර වෙනවලු.මේ වනකොට ඇය ටෙලි නාට්‍ය පනස් දෙකකට හා සිනමා නිර්මාණ හතරකට පමණ තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 

ඉතින් මේ වන කොට අංජලි විවාහ වී චූටි දුවකගේ සෙනෙහෙබර මවක්.ඇගේ සැමියා සංගීතය නැබුරු කෙනෙක්ලු.ඔහු ගැන අංජලි පුවත් පතකට පවසා තිබුනේ මේ විදිහටයි. ‘ඔහු තරිඳු පෙරේරා.


ඔහු සංගීත ශිල්පියෙක්.ගායකයෙක් ලෙසත් කටයුතු කරනවා. අලුත්ම ගීත කිහිපයක් කරලත් තියෙනවා. ඒ වගේම තරිඳුගේම බෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ වැඩ කටයුතුත් කරනවා. 

සංගීත ශිල්පියකු ලෙස විදෙස් රටක ඉඳගෙන ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක් හදාරලා අත්දැකිම් ‍රැසක් ලබපු අයෙක්. මහත්තයගේ පැත්තෙන් එයාගේ අම්මා,තාත්තා, සහෝදර සහෝදරියන්ද ඇතුළුව ලොකු පවුලක්. 

ඔවුන් ඔක්කොම එක්ක තමයි අපි ඒ ගෙදරට වෙලා එකට ජිවත් වෙන්නේ. අපි හරිම සතුටින් කාලය ගත කරනවා’කියලයි ඇය කියා තිබුනේ.ඉතින් ඇයගේ සුන්දර ජිවිතේ ලස්සන චායාරුප පෙලකුත් ඔබ වෙත ගෙන එන්නට අපි අමතක කලේ නැහැ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements