Advertisement


වසර පහකට බලයට පත්වන පාලකයින් රටේ අයිතිකරුවන් නොවන බව හොඳින් මතක තබාගත යුතු යැයිද, රටේ අයිතිකරුවන් වන්නේ මහජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් විනාශකාරී තීරණ ගැනීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (5 දා) කීහ.

මුතුරාජවෙල රක්‍ෂිතයේ පේ‍්‍රෂණ කලාපය තුළ ලංකා විදුලිබල මණ්ඩලය මගින් අක්කර සියයක් වැලි පුරවා ඉදිකිරීමට යෝජිත ද්‍රවතාප ස්වභාවික වායු බලාගාරයට (එල් එන් ජී බලාගාරය) විරෝධය පළ කිරීම සඳහා අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමා මෙසේද කීය.

නිදහසෙන් පස්සේ මේ රටේ පාලකයෝ රට තමන්ගේ බූදලයක් විදියට පාවිච්චි කරලා තමයි මේ විනාශය අද රටට උදාවෙලා තියෙන්නේ. හිතුවක්කාර විදියට බලය පාවිච්චි කරලා, කූට ක‍්‍රමවලින් තමන්ගේ අරමුණුවලට යන්න උත්සාහ කරන්න එපා කියලා අපි රජයට මතක් කරලා දෙනවා.

අද රටේ තත්ත්වය ඉතාම ශෝචනීයයි. මම අනෙකුත් ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා මේ රට ආරක්‍ෂා කර ගැනීමට පෙරට එන්න කියා.

අපි ආණ්ඩුවට කියනවා මුතුරාජවෙලට අත තියන්න එපා ඒ ප‍්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් කරන විනාශකාරී ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්න අපි කිසිසේත්ම ඉඩතියන්නේ නැහැ.

පේ‍්‍රෂණ කලාපයේ අක්කර 100ක් ගොඩකළාම මේ ආවා වගේ දෙතුන් ගුණයක ගංවතුරක් ඒ පැතිවලට ගලනවා. එදා ඉඳන්ම මැති ඇමැතිවරු රක්‍ෂිතයේ ඉඩම් තමන්ගේ ඡන්ද දායකයින්ට බෙදලා දුන්නා. මුහුදුවැලි ඉවත් කිරීම අවුරුදු ගණනාවක ඉඳලා සිදුවෙනවා. අවුරුදු 40කට විතර කලින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මුතුරාජවෙල වැලි අරං අක්කර 400ක් ගොඩකළා. ඒකෙන් තමයි මේ විනාශය පටන් ගත්තේ.

අපි ආණ්ඩුවට කියනවා මුතුරාජවෙල ගොඩකරලා කරන්න යන මේ ව්‍යාපෘතිය වහාම අකුළාගන්න කියලා එහෙම නොවුනොත් නොනවතින ජනතා අරගලයකින් මේ ව්‍යාපෘතිය ආපසු හැරවීමට අපි කටයුතු කරනවා.

– Divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements