Featured News

Video Gossip

Advertisement


වසර එක හමාරකට වැඩි කලක් තිස්සේ කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්හි ම රැඳී සිටි දරුවන් වෙනුවෙන් පාසල් ගුරුවරුන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන ගිය නමුත් මේ වන විට ගුරුවරුන් එම අධ්‍යාපන කටයුතු නවතා දමා ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්ථානගත කිරීමට විරෝධය පාමින් ඔවුහු මෙලෙස අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව සිටිති.

පසුගිය කාලය තුළ දූරස්ථව සිදු කළ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය පවත්වාගෙන යාම සඳහා සිය වියදමින් උපකරණ සහ ඉන්ටර්නෙට් පහසුකම් සපයා ගනිමින් කටයුතු කළ බවත් ඔවුන් ස්වේච්ඡාවෙන් ම සිදු කළ අධ්‍යාපන ක්‍රමවේදයට රජයෙන් කිසිදු සහන දීමනාවක් නොලැබුණු බවටත්  ගුරුවරු චෝදනා කළහ.

එමෙන් ම දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට නියමිතව තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිව ඇති බවත් එම මුදල් හෝ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට යොදවන්නට රජය උත්සහ නොකළ බවත් ඔවුන් චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන්  කළ විමසීමකදී ඒ මහතා පැවසූ  බව  මුවුබිම පුවත්පත  සදහන් කරයි. ඒ පහත පරිදිය.

"චෝදනා කරන අය ගොඩක් හිටියට මේක ස්වේච්ඡාවෙන් කළාට අපි පඩියකුත් ගෙවනවානේ. ඇත්ත වශයෙන් ම කිව්වොත් රජය කොච්චර වුණත් පඩියක් ගෙවනවානේ. දරුවෝ වෙනුවෙන්නේ මේ හැම දේ ම කරන්නේ. අපි හැමෝ ම දෙමාපියෝනේ. දරුවෝ වෙනුවෙන් කල්පනා කරන්න ඕනි."

අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට නියමිතව තිබුණු විශාල මුදලක් ඉතිරිව තිබෙන මුදල් මෙම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය පවත්වාගෙන යාම සඳහා යොදවීමට ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි?

"මට ඉල්ලන්න බෑනේ. අවංකව ම සහතික වෙනවා ඒ මුදල් අවභාවිත කරන්නේ නෑ. අවභාවිත කරන්න ඉඩ දෙන්නෙත් නෑ."

අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වී සිටින ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නැද්ද යළි අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න කියලා?

"මං හැම දෙනාට ම කියන්නේ ඉල්ලීමක් කරන්න අවශ්‍ය නෑ, ඉල්ලලානේ තියෙන්නේ‍. දරුවෝ ගැන හිතන්න. ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා විසඳගන්න."

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ, කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව විරෝධය පළ කරනුයේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ අරමුණින් බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements