Advertisement


මෙරට අවුරුදු වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයන්ට හමුදා කදවුරැ තුළ පුහුණුවක් ලබාදිය යුතු යැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

වර්තමානයේ දී රටේ විනය පිරිහීමට ලක්වී ඇති බවත් මෙම වැඩපිළිවෙළ මගින් විනය ගරුක සමාජයක් ඇති කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

‘අපේ රටේ විනය අද බොහොම පිරිහිලා. අවුරුදු 18න් ඉහළ අයට හමුදා පුහුණුවක් ලබාදිය යුතුයි කියලා මම කිව්වාම පාර්ලිමේන්තුවේ මට අපහාස කළා.

හමුදා පුහුණුවක් කියන්නේ සමහරු විවේචනය කරනවා වගේ මිලිටරිකාරයෙක් වෙන්න නෙමෙයි. නමුත් අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම් පුහුණුවක් දෙනවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. මොකද ඒ තුළ විනයක් හික්මීමක් වගේම පහසුකම් තියෙන නිසා.

පෞරුෂත්වය වැඩිකරන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් සමාජය ක්‍රමක්‍රමයෙන් විනයගරුක සමාජයක් බවට පත් කරන්න’

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements