Featured News

Video Gossip

Advertisement


මෙරට රාජ්‍ය නායකත්වය සඳහා සියලු සුදුසුකම් සපුරා තිබෙන බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනපති කරවන්නට ජනතාව මේ වන විටත් පෙළ ගැසී අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා මෙරට ඉදිරි සංවර්ධන දශකයේ නියමුවා බවට පත්වන බවද ඒ මහතා කීය.

සෞභාග්‍යයේ සතිය වෙනුවෙන් කරමඩ උතුර පදිංචි ප්‍රසංසිකා මෙනවියට රජය විසින් සකස් කර දුන් නිවස පරිත්‍යාග කිරීමේ උත්සවය පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.

‘‘යුද්ධය 2009 අවසන් කරන විටත් මේ රටේ සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක මට්ටමේ තිබුණා. ලෝක අර්බුදයක් තිබෙන අවස්ථාවක අපිට එහි බලපෑමෙන් මිදී කටයුතු කරන්න බැහැ. දේශීය වශයෙන් කොහොමද අපි මේ අර්බුදය කළමනාකරණය කරගන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕන. මේ අර්බුදය අවස්ථාවේදීත් පාරවල් හැදෙනවා, කඩ සාප්පු විවෘත වෙනවා, එන්නත දෙනවා, මිනිස්සු සෞඛ්‍ය සම්පන්න කරනවා, නගර දියුණු කරනවා කියන එක කවුරුත් පිළිගන්නා සත්‍යයක්. රාජපක්ෂ ආණ්ඩුවලට හැම වෙලාවෙම පුළුවන් වුණා මේ හැම එකක්ම සමබරව පවත්වාගෙන යන්න. බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයත් සමග අපි දකිමින් සිටින්නේ ඒ සමබර සංවර්ධනය සඳහා වන ප්‍රවේශයයි.

විපක්ෂය මේ වෙලාවේ තමන්ට සටන් පාඨ නොමැති නිසා සටන් පාඨ සොයමින් ඉන්නවා. කවුරු හරි කෙනෙක් මයික් එකක් ඇල්ලුවොත් කටට එන දේ තමයි ඒ අය කියන්නේ. බැසිල් කියන්නේ තමන්ට වැඩක් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ නායකයෙක්. ඒකයි විපක්ෂය එතුමාට බය. පේනතෙක් මානයක ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාවක් විපක්ෂයට නැහැ. නැගෙනහිර උදානය, දිවි නැගුම, ගම නැගුම, වසන්ත උදානය, මග නැගුම, පුර නැගුම වගේ දේවල්. මේ සංවර්ධන වැඩසටහන්වල නියමුවා බැසිල් රාජපක්ෂයි. ඉදිරි සංවර්ධන දශකය සඳහා බැසිල් රාජපක්ෂ ආගමනය ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි.’’

– aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements