Advertisement


කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අයගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් ඉවත් කරන ලද එම විෂය පථයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් නිර්මාණය කිරීමට යොදාගනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.
බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලැබීමෙන් පසුව රටේ ඉදිරි සංවර්ධනය සහ ආර්ථික ඉලක්කයන් කඩිනම් කිරීමට මෙම නව කැබිනට් සංශෝධනය සිදු කිරීමට යොමු වී ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟ වී ඇති ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට ලැබිය යුතු ඇමතිධූර ඉදිරියේදී ලබා දීමට මෙහිදී රජයේ අවධානය යොමුව ඇත.

එමෙන්ම එම කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය, පොලීසිය, කම්කරු හා අධ්‍යාපන අමාත්‍යාංශවල සංශෝධනයක් සිදු වනු ඇති බව ද සඳහන්ය.

තරුණ ඇමැතිවරුන් ද අමාත්‍ය මණ්ඩලයට එක් වනු ඇතැයි ද තවදුරටත් වාර්තා කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements