Featured News

Video Gossip

Advertisement


සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ පාලන බලය අද (15දා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතු කර ගැනිමට එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සමත් ව ඇත.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජිව මහතාව සභාපතිධුරයෙන් සහ මන්ත්‍රිධුරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත් කිරිමෙන් අනතුරුව එම සභාවට සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණය අද (15දා) දින මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්විම් ශාලවේදි පැවැත්විණ.

නාවලපිටිය නගර සභාව සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 07 , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් 05 , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයෙක්, ස්වාධින මන්ත්‍රිවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමිනමන්ත්‍රිවරයෙකු ඇතුළු මන්ත්‍රිවරුන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

(15) දින සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලන පක්ෂයට සහයෝගය දැක් වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක් වු නිසා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අමල් ප්‍රියංකර මහතා වැඩි ජන්ද ලබා ගනිමින් සභාපතිවරයා වශයෙන් තොරාපත් කෙරිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements