Advertisement


තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන් කරති.

අමරකිත්ති හිමියෝ සඳහන් කරන්නේ හතළිහක පමණ කණ්ඩායමක් විහාරස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කර ගනිමින් තමන් වහන්සේට ඊට ඇතුළු වීම අවහිර කර ඇති බවය.

එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දැරූ මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අපවත් වීමෙන් පසු අමරපුර සංඝ සභාව හා එහි මහා නායක හිමියන් විසින් තමන් වහන්සේ සේරුවාවිල විහාරාධිපති ධුරයට පත්කළ බවද එම පත් කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විසින් අනුමත කර ලේඛන ගත කර ඇති බවත් උන්වහන්සේ කියා සිටිති.

මෙම සිදුවූ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර ඇති බවද අමරකිත්ති හිමියෝ පවසති.

බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වැඩ වෙසෙන මෙම විහාරය මීට වසර දෙදහස් දෙසීයකට පමණ ඉහත ඉදිකරන ලද්දකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements