Advertisement


සියලු පාර්ශ්ව විසින් ඉල්ලා සිටි විද්‍යාත්මකව රට සම්පූර්ණයෙන් ම වසා දැමීමක් වෙනුවට ලැබී ඇත්තේ 'සර්ප්රයිස් ලොක්ඩවුන්' එකක් බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි. ඊයේ (අගෝස්තු 23) වන විට රට වසා දමා දින තුනක් ගත වුවත් රට වසා දැමීමෙන් නියම ප්‍රතිඵල හිමිකර ගැනීමට මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි හෙතෙම චෝදනා කරයි.
කොරෝනා පරීක්ෂණ සිදුකර ගැනීමට මහජනතාවට ඇති අයිතියට බාධා ඇති කරමින් දෛනික PCR ධාරිතාව අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතා වැඩකටයුතු කරන බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සැකසීම පවා විවිධ කල්ලිවල පෞද්ගලික වුවමනාවන්වලට යටත්ව සිදුකෙරෙන බවත් රවී කුමුදේශ් පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පවතින ධාරිතාවෙන් පරීක්ෂණ කිරීමට පවා අවශ්‍යතාවක් හෝ නොමැතිව අකාර්යක්ෂම බවින් යුතුව කටයුතු කරන බවත් ජනතාවට තමන්ගේ පරීක්ෂණය තමන්ගේ වියදමින් සිදුකර ගැනීමටද නොහැකි වන අයුරින් ඊනියා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් පවතින බවටත් හෙතෙම චෝදනා කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මෙවන් මාර්ගෝපදේශ නිර්මාණය කරන්නේ ඒවාට සහභාගි කර ගන්නා ඊනියා විශේෂඥයන්ගේ පෞද්ගලික අවශ්‍යතාව ඉටු කිරීමට මිස වසංගතය පාලනය කිරීමට නොවන බවද රවී කුමුදේශ් පෙන්වා දෙයි.

ඇතැම් දේශපාලකයන් පඩි කැපීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ලොක්ඩවුන් කිරීමට එරෙහිව කරන තර්ජනයක් ලෙස සිදුකරමින් පැවතීම ලොක්ඩවුන් කිරීමේ සැබෑ අවශ්‍යතාව පිළිබඳ ජනතා විශ්වාසය පලුදු කිරීමට හේතු වී ඇති නිසා එමගින් ලොක්ඩවුන් කිරීමට අදාළ ආණ්ඩුවේ අකැමැත්ත ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් සමහර දේශපාලකයන්ගේ වාචාල බව රට තුළ විද්‍යාත්මක වසංගත පාලනයකට මහජනතාව ඒකරාශී කර ගැනීමට බාධාවක් වී ඇතැයි ද ඔහු පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements