Advertisement


කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි වැලිකඩ බන්ධනාගාරරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නව්ෆර් හෙවත් පොට්ට් නව්ෆර් අද රාත්‍රී 7.30ට පමණ ජිවිතක්ෂයට පත්වූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටියගේ ඝාතනය සම්බන්ධයන් වරදකරුවූ මොහොමඩ් නව්ෆර් හට අධිකරණය විසින් මරණ දඬුවම නියම කළ අතර ඔහු බුස්ස බන්ධනාගාරයේ සිය දඬුවම් විදිමින් සිටියා.

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන එමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබු අතර පසුව ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරනු ලැබුවා.

සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් මොහොමඩ් නව්ෆර් අද රාත්‍රීයේ දී මියගිය බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements