Advertisement

අසීමිතව ඉහල යන වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි

පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.


මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.


මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements