Advertisement


මේ වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ ව සෑම පාර්ලිමේන්තු සතියක ම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ එකඟතාව පළ වී තිබෙනවා.

මෙම ක්‍රමය දැනට එක්සත් රාජධානි පාර්ලිමේන්තුව තුළ ද ක්‍රියාත්මක බව පෙන්වා දුන් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කළ හැකි බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ද මෙම යෝජනාවට එකඟතාව පළ කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements