Advertisement


රජයේ හෝ පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට රජයේ කිසිඳු අදහසක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (24) දිනයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
අගෝස්තු මාසයේ වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළද, එය වැටුප් කප්පාදුවක් කරා යන්නක් නොවන බව ඔහු මෙහිදී පැවසීය.

"එය මිත්‍යා මතයක්... කිසිඳු වෙලාවක රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ කිසිඳු කෙනෙක්ගේ වැටුප් කප්පාදු කරන්න රජයේ කිසිඳු දේශපාලඥයෙක් යෝජනා කරලා නෑ... කිසි ලෙසක බලකිරීමකින් තෙරපීමකින් කිසියම් අරමුදලක් කරන්න කිසිසේත්ම උත්සහ ගන්නේ නෑ...ඒ සියලු මාධ්‍ය වාර්තා වගකීමෙන් මම ප්‍රතික්ෂේප කරනවා," යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements