රාගම ප්‍රදේශයේ මහමග වැටී සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 වෙන දින පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ කැස්ස සහ සුළු පපුවේ අමාරුවක් හේතුවෙන් කොරෝනා පරීක්ෂණයට මුහුණ දීමෙන් පසු ආසාදිත ය යි හෙළිවී ඇති එම පුද්ගලයා රෝහල් ගතවීමට යද්දී රෝහලට ඉතා සුළු දුර ප්‍රමාණයක් තිබී දී මෙසේ මහමග ඇද වැටී මිය ගොස් ඇති බවයි.
ඔහු කොරෝනා මර්ධන එන්නත් පළමු මාත්‍රාව ලබා ගෙන දෙවෙනි මාත‍්‍රාව ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අයෙකි.

