Advertisement


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දෛනිකව හඳුනාගන්නා කොරෝනා ආසාදිත දරුවන් ප්‍රමාණය දරාගත නොහැකි මට්ටමින් ඉහළ යමින් තිබේ.

ඒ හේතුවෙන් එහි සිටින කොරෝනා ආසාදිත දරුවන් වෙනත් රෝහලට මාරු කර යවමින් සිටියි.

දැනට එම රෝහලේ දෛනිකව කොරෝනා ආසාදිත දරුවන් 15-20ක් අතර ප්‍රමාණයක් වාර්තා වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරයි.

දැනට අසාදිත දරුවන් වෙනත් ස්ථානවලට මාරු කර යවා තිබියදීත් රෝහල පිරී ගොස් ඇතැයි ද පැවසූ ඔහු මේ වන විට රාජගිරිය ප්‍රදේශයේ වෙනත් ගොඩනැගිල්ලක්ද දරුවන් රැඳවීම සඳහා යොදාගෙන ඇතැයි ද පැවසීය.

පවතින තත්වය අනුව ඉදිරියේදී එම නව ගොඩනැගිල්ලද ඉඩකඩ මදි වනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements