Advertisement


ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (අගෝස්තු 2) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව ප්‍රතික්ෂේප වූ බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසානයේ පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා විසඳීම සඳහා අවශ්‍ය මුදල් යෙදවීමට මෙම අවස්ථාවේ හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත් මීළඟ අයවැයේදී ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, අද (අගෝස්තු 2) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් සවිස්තරව සාකච්ඡා කර එය නිරාකරණය කිරීමට උපරිම උත්සහයක් දරන බවය.

එමෙන් ම, ගුරු වැටුප් වැඩි කිරීමට මෙම අවස්ථාවේදී හැකියාවක් නොමැති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පිළිසඳරකදී පැවසීය.

මේ අතර ගුරු වෘත්තීය සංගම් නායකයින් ප්‍රකාශ කළේ, මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන තුරු අඛණ්ඩව වැඩවර්ජනවල නිරත වන බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements