Advertisement

පස් වන රැල්ලකට සූදානම් නොවුණොත් තත්ත්වය තවත් දරුණු විය හැකියි

සිව් වන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අප මෙම අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස් වන කොරෝනා රැල්ල සහ ඊළඟ කොරෝනා ප්‍රභේදයට මුහුණ දීමට සූදානම් නොවුණහොත් 'නැවත නැවත රට වසා දමමින් මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව' රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, වසංගතය ආරම්භක වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදයත් ඉන් පසු ඩෙල්ටා ප්‍රභේදයත් ප්‍රබල වූ බවත් ඉන් අනුමාන කළ හැක්කේ අනාගතයේදී මීට වඩා දරුණු ප්‍රභේද ඇති විය හැකි බවත්ය.
රෝගය වැළඳුණු එක් පුද්ගලයෙකුගෙන් දළ වශයෙන් තවත් නිරෝගී පුද්ගලයින් කීදෙනෙකුට වෛරසය පැතිරී රෝගය වැළඳේ ද? යන්න පිළිබඳ විද්‍යාත්මකව නිර්ණය කරන RO නමැති අගය ආරම්භක වූහාන් ප්‍රභේදයට වඩා මේ වන විට පවතින ඩෙල්ටා ප්‍ර⁣භේදයේ ඉහළ අගයක් ගන්නා බව එම සංගමය පෙන්වා දී ඇත.

මෙතෙක් ව්‍යාප්ත වූ වෛරස ප්‍රභේදවල එම RO අගය පිළිබඳව එම සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි කරුණකි.

- වූහාන් ආරම්භක කොවිඩ්-19 ප්‍රභේදයේ RO අගය 2.3 - 2.7 අතර වේ.

- ඇල්ෆා ප්‍රභේදයේ එම අගය 4 -5 ත් අතර වේ.

- වර්තමාන ඩෙල්ටා ප්‍රභේදයේ RO අගය 5 - 8ත් අතර වේ.


එනම් වෛරස ප්‍රභේද වෙනස් වීමත් සමග වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පිරිසකට ව්‍යාප්ත වීමේ අගය ඉහළ යාමක් පෙන්නුම් කරන බවය.

ඒ අනුව වූහාන් ප්‍රභේදයට වඩා ඇල්ෆා ප්‍රභේදය ද ඉන්පසු ඩෙල්ටා ප්‍රභේදය ද ඇති වීම හේතුවෙන් සිදු වන මරණ අනුපාතය ඉහළ යෑමක් ද දැකිය හැකි බව එම සංගමය අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත. 

තව ද එම සංගමය අවධාරණය කරන්නේ, එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධය වෛරස් ප්‍රභේදයේ වෙනස්වීමත් සමග ඉහළ යාමක් දැකිය හැකි බවත් එබැවින් 'මේ වන විට එන්නත් මාත්‍රා 2 ම ලබාගෙන ද රෝගී වූ සහ මරණයට පත්වූවන් ගැන කතා කරන යුගයක් එළඹ ඇති බවත්'ය.


එබැවින් පවතින අවදානම තේ⁣රුම් ගෙන පස් වන කොරෝනා රැල්ලකට සහ ඊළඟ වෛරස ප්‍රභේදයට මුහුණ දීමට විය යුතු සූදානම පිළිබඳව එම සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements