කොවිඩ් මර්දන අරමුදලට දේශපාලනඥයින් සිය වැටුප පරිත්‍යාග කළ ද තමන්ට එවැනි පරිත්‍යාගයක් කළ නොහැකි බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, තමන්ට හිමි වන සම්පූර්ණ වැටුප බැංකු ණයකට කැපී යන බවය.
"මම දකින්නෙ ඉතාමත් හොඳ කාර්යයක් මහජන නියෝජතයින් හැටියට ඒ අය ඉටු කරනවා. තමන්ගේ වැටුප ලබා දීම මං හිතන්නෙ හොඳ සත් ක්‍රියාවක් හැටියට තමයි දකින්නෙ. හැබැයි මට කියන්න තියෙන්නෙ පැහැදිලිව ම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ. මගේ වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැත්තෙ මොක ද, පාර්ලිමේන්තුවේ ම තියෙන බැංකුව තුළ ඒ බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණයෙන් ම ලෝන් එක සඳහා ම තමයි වෙන් වෙලා තියෙන්නෙ. ඉතින් එවැනි අවස්ථාවක මට තියෙන ආර්ථික හයියත් එක්ක කොහෙත් ම එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට අපහසුතාවක් තියෙනවා."

