Advertisement


කොරෝනා මර්දන ෆයිසර් එන්නත්කරනය සම්බන්ධ පූර්ණ බලය ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදීමේ තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.
එන්නත් ලබා දිය යුතු ක්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක්‍රියාවක් බවත් හෙතෙම කීවේය.

ඊට අදාළ සියලු තීන්දු තීරණ සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් එම් ආනෝල්ඩ් මහතාගේ මූලිකත්වයෙන් පිහිටවූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රිය ස්ථානයකින් සිදුවිය යුතු බවද හෙතෙම අවධාරණය කර කියා සිටියේය.

එහෙයින් යුද හමුදාව වෙත එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණය පිළිබද දැඩි විරෝධය නැවතත් පල කරන බවත් සඳහන් කළ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මෙම අවිධිමත් වැඩපිලිවෙල හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (30දා) ලිඛිත දැනුම් දීමක් කළ බවද කීවේය.

– divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements