Advertisement

මුදල් නෑ - රට දැඩි අවධානම් තත්වයකට පත්වෙලා

රජය මුහුණදී සිටින බරපතල මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

මේවන විට රටේ  ආර්ථිකය බරපතල ගැටළුවකට මුහුණ දී ඇති බැවින් රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටී ඇති අතර, මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම වසරේ පුනරාවර්තන වියදම් රුපියල් කෝටි දෙලක්ෂ 69,400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇතත්, එන්නත්කරණය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු පුළුල් කිරීම, සහනාධාර දීම ඇතුලු කටයුතු හේතුවෙන් පුනරාවර්තන වියදම් තවත් වැඩිවනු ඇතැයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුදැනුම මත එම ආයතනවල නිලධාරීන් චක්‍රීය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමාවන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

එමෙන්ම රසායනික පලිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි ඊයේ අමාත්‍ය මන්ඩලයේදී සාකච්ඡා වී ඇති බවද සඳහන්.

මේ අතර ගොවියා අතරමං නොකර වගාවන් සඳහා කාබනික පොහොර යොදන ආකාරය පිළිබදව දැනුවත් කිරීම් කඩිනමින් සිදුකළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ දඹුල්ලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements