Advertisement


මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ ජනාධිපති වරයා ලෙස පත් වී ආසන්නයේදීම එවකට අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඔහු වෙත යොමු කරන ලද ලිපියක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ප‍්‍රසිද්ද කර ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් ද සමගින් ඇය සඳහන් කරන්නේ මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සදහා පැවැත්වූ පක්ෂ විධායක සභා රැස්වීම් වලට සහභාගී නොවන බව දන්වමින් මංගල සමරවිර මහතා එකී ලිපිය යවා ඇති බවයි.

එම සම්පූර්ණ සටහන හා ලිපිය මෙසේය.

මගේ පැරණි ලිපි ලේඛන අතර හමුවූ ලිපියක් –

මෙය මාගේ 61 වන ජන්ම දිනය දා ඉතාමත් පහත් ආකාරයට මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීම සඳහා පැවැත් වූ පක්ෂ විධායක සභා සහ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහභාගී නොවන බව දැන්වීමට මංගල සමරවීර අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යැවූ ලිපියකි.

පක්ෂ සභාපති ධුරය ගෞරවාන්විතව ලබා දීමට සූදානම් බව මම ලිඛිතව දන්වා තිබියදීත්, මාගේ ජන්ම දිනම මා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඊට විරෝධය දැක්වීමට හෝ පෞර්ෂයක් තිබුණේ අනුර, මංගල, ජෙයරාජ් වැනි ඉතාමත් සුළු පිරිසකට පමණි.

මංගල හෘදය සාක්ෂියට අනුව ඊට එකඟ නොවන බව දන්වා තිබුණත්, මහින්දගේ නායකත්වයට විරුද්ධ නොවන බව අවස්ථා කිහිපයකදී වාචිකව සහ ලිඛිතව දන්වා තිබුණි. ඔහු මේ ලිපිය සිය අත් අකුරින්ම ලියන්නේද මෙහි රහස්‍යභාවය රැකගනු පිනිසය. ඊට හරියටම මාස දහයකට පසු කිසිදු හේතුවක් නොදක්වා ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපා දමනු ලැබිණි.

එහෙත් මංගල තම ප්‍රතිපත්තිගරුක බව අත් හළේ නැත.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements