Advertisement

2011 ලෝක කුසලාන තරග පාවාදීම බොරු වෙයි
මහින්නාන්දගේ සාක්ෂිත් නැතිවෙයි විමර්ශණ අත්හිටුවයි

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ‍්‍රී ලංකාව පරාජය වීම තරග පාවාදීමක් යයි හිටපු ක්‍රීඩා ඇමති වරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට පදනමක් නැති බව රජයේ නීතිපතිවරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව එකී ප්‍රකාශය පදනම් කරගනිමින් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන එ්කකය කරන ලද පරීක්ෂණ අවසන් කර තිබේ.
කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග ඇතුළු එවකට කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම පොලිසිය විසින් ඒ අනුව ප්‍රශ්න කරන ලදී.

එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන ලෙස පොලිස් ඒකකයට දැනුම් දී තිබින.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එවක සඳහන් කළේ තරග පාවා දීම සම්බන්ධයෙන් සාක්ෂි ද තමන් සතුව පවතින බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements