Advertisement


රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ඔහුගේ හිතවතුන් රැසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පරිශ්‍රයට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරී ඇතැයි ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

හිතවතුන්ට එල්ලුම් ගස පෙන්වීමට අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය වී ඇති අතර ඔහු පැමිණි අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද සඳහන්ය.

ඒ මොහොතේ අමාත්‍යවරයාගේ සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවත් ඔහු සිටගෙන සිටීමට නොහැකි තරමට බීමතින් බිම ඇද වැටී ඇති බවත් වාර්තාවේ දැක්වේ.

බන්ධනාගාරයට පිරිස ඇතුළු වීම වැළැක්වීමට උත්සාහ කරන්න නිලධාරීන්ට අමාත්‍යවරයා හා ඔහුගේ හිතවතුන් බැන වැදී ඇතැයි ද සඳහන් වෙයි.

කෙසේ නමුත් මේ ආකාරයේ සිදුවීමක් වාර්තා වී නැතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පුවත්පතට පවසා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements