Featured News

Video Gossip

Advertisement

පෞද්ගලික රෝහලට අත් බෝම්බය ආවේ ඇමැති නිල නිවසකින්

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයකුට අයත් නිල නිවාසයක ලාච්චුවක තිබී බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් සමාගමක සේවකයා විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මෙම කරුණු හෙළිවූ බව එම ආරංචි සඳහන් කරයි.

ඒ අනුව මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටියදී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව ද සැකකරු ප්‍රකාශ කර ඇතැයි පැවසෙයි.

ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පැවසෙයි.

ඒ අනුව, විමර්ශන කණ්ඩායම් කිහිපයක් කොළඹ 07 පිහිටි එම ප්‍රභූ නිල නිවසට සහ පතුරෙම් සෙවීම සඳහා මහව සහ වැලිකන්ද යන ප්‍රදේශවලට ඊයේ (16) පස්වරුවේ ගොස් පරීක්ෂා කර ඇතැයි ද වාර්තා වෙයි.

මේ වන විට එම නිවෙස් කැබිනට් අමාත්‍යවරයෙක් පදිංචිව සිටින බවත්, සැකකරු පවසන ආකාරයට මෙම ජීව අත්බෝම්බය සහ පත-ුරොම් සොයා ගෙන ඇත්තේ අදාළ ඇමැතිවරයා එම නිල නිවසේ පදිංචි වීමට පෙර බවත් පැවසෙයි.

මෙම සිද්ධියට අදාළ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා 15 ය. සිද්ධියට අදාළව වැඩිදුරත් විමර්ශන කටයුතු සිදුවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අවසර ලබා ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements