ඇමති ලොහාන්ගේ තර්ජනයට ලක් වූ අනුරාධපුර සිරකරුවන්ගෙන් අධිකරණ ඇමති සමාව අයදී
ali sabry
,
gossip
,
gossip lanka
,
lohan rathwaththe
,
News
,
Politics
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිදුවූ සිද්ධීන් පිළිබඳව විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (සැප්. 22) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එය තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
එමෙන් ම, අදාළ සිදුවීම හෙළා දකින බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ, එය සිදු නොවිය යුතු දෙයක් බවත් අපකිරීතියක් බවත් ය.
"මේකට දේශපාලන හා ජාතිවාදී අර්ථයක් දෙන්න ඉඩ දෙන්න එපා. මේ සිද්ධිය එහෙම එකක් නෙමෙයි. දැනටත් මේ ගැන විමර්ශනයක් සිදු කරනවා. මානව හිමිකම් කොමිසමත් ස්වාධීන විමර්ශනයක් සිදු කරනවා. ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න."

