Featured News

Video Gossip

Advertisement

නව ක‍්‍රමවේදයක් මගින් වාහන ආනයනට යලි අවසර දෛන ලකුණු

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි.

නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත නිසා සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

නමුත් පවතින සාධක අධ්‍යනය කිරීමෙන් පසු ඒ ගැන ඉදිරියේ දී කරැණු සලකා බැලීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

බොහෝ දුරට ඒ ගැන සලකා බැලීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටී.

කෙටි කලක දී රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තමන් දැනටමත් ආරම්භ කර ඇති බවද පැවසූ එම ගමනේ දී සමහරුන්ට සතුටු විය නොහැකි තීන්දුවලට පවා යාමට සිදුවන බවද කියා සිටියේය.

මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල වාහන ආනයනකරුවෙකු කියා සිටියේ කුමන ආකාරයෙන් හෝ වාහන ආනයන ආරම්භ කලහොත් දැනට දේශීය වෙලදපලේ විශාල වශයෙන් ඉහල දමා ඇති වාහන මිල පහල යනු ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements