Featured News

Video Gossip

Advertisement

ව්‍යාපාරිකයා හෝටලය ඉදිකිරීමට යාල ප්‍රේරණ කලාපයේ අක්කර 40ක් වනසලා

ප්‍රදේශයේ හේන් ගොවිතැනෙහි නිරත ගොවියන්ට පවා කැලයට ඇතුළු වීමට ඉඩනොදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැඩි නීතිරීති පනවා ඇති පසුබිමක් තුළ තිස්සමහාරාමයේ හෝටල් ව්‍යාපාරිකයෙකු විසින් යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරණ කලාපය තුළ කිසිදු බාධාවකින් තොරව වනාන්තරය එළි පෙහෙළි කර කබානා හෝටලයක් ඉදිකරමින් ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ, මෙම ප්‍රදේශයේ පදිංචි පාරම්පරික හේන් ගොවියන් හේනක් කර ගැනීමට හෝ නිවසකට කෝටු කෑල්ලක් කපා ගැනීමට කැලයට ගියත් වන සංරක්ෂණ නිලධාරීන් විසින් ගැමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන පසුබිමක් තුළ යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරණ කලාපය තුළ අක්කර 40ක පමණ වනාන්තරය කිසිදු බාධාවකින් තොරව හෙළිපෙහෙළි කර කබානා හෝටලයක් ඉදිකර තිබීම විමතියට කරුණක් බවයි.
අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිකරන මෙම කබානා හෝටලය ආසන්නයේ විශාල වැව් බැම්මක් ද ඉදිකර වැසි ජලය රඳවා ගැනීමට හැකි වැවක් ද සකසා තිබේ.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ, වන සංරක්ෂණ නිලධාරීන් විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සන්තෝසම් ලබාගෙන මෙලෙස කැලය හෙළි කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් නැති බැරි අසරණ මිනිසෙකු කැලයට ගිය පසු ඔවුන්ව අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ කබානා හෝටලය ඉදිකිරීම සඳහා වනාන්තරය හෙළිපෙහෙළි කර එහි තිබූ රූස්ස ගස් රැසක් ද කපා දමා තිබේ. වන අලින්ගේ ආහාරයක් වන කඩකොල්ලන් නමැති ශාක, ගස් මුලින් ම උදුරා දමා ඇති අතර එහි දැව යොදා ගනිමින් කබානා ඉදිකර ඇති අයුරු ද දැකිය හැකිය.

ප්‍රදේශවාසියෙකු මේ සම්බන්ධයෙන් පැවැසුවේ මෙවන් අදහසකි.

“අපිට කෝටු කෑල්ලක් කපා ගන්න මේ කැලේට යන්න බෑ. අපිව අල්ලලා උසාවි දමනවා. එහෙම තියෙද්දී මේ අක්කර 30ක් 40ක් සුද්ද කරන කම් වන සංරක්ෂණ නිලධාරීන් කොහෙ ද හිටියේ කියලා දන්නේ නෑ. මේ හෝටලය ඉදිකරන ව්‍යාපාරිකයා මේ ආසන්නයේ තියෙන සියඹලාගස්වැවට වතුර එන ඇළ හරස් කරලා තමයි වැවක් ඉදි කරලා තියෙන්නේ. මේ නිසා සියඹලාගස්වැවෙන් කුඹුරු කරන ගොවීන් විශාල ප්‍රමාණයකගේ කුඹුරු අතහැර දැමීමට සිදුව තිබෙනවා. අපි මේ ගැන කිරින්ද පොලිසියට වන සංරක්ෂණ නිලධාරීන්ට අවස්ථා ගණනකදී ම පැමිණිලි කළා. නමුත් වැඩක් වුණේ නෑ.”

– mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements