බැසිල්ට මන්ත්රීකමදී හිස් අතින් ගෙදර ගිය කැටගොඩ ඇමතිකමකුත් එක්ක පාර්ලිමේන්තුවට?
Basil rajapaksa
,
gossip
,
Jayantha Ketagoda
,
lanka
,
News
බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාට යළිත් පාර්ලිමේන්තුවට පිවිසීමේ කොළ එළි දැල් වී තිබේ.
ඒ, වාර්තා වන පරිදි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම සිදුවුවහොත්ය.
යළි මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා ලෙස රජය විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ආරාධනා කර ඇති බවත් එය ඔහු විසින් පිළිගෙන ඇති බවත් මේ වන විට වාර්තා වී ඇත.
ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමේ සූදානමකින් පසුවන අතර එසේ වුවහොත් හිස් වන මන්ත්‍රී ධූරයට යළි ජයන්ත කැටගොඩ මහතාව යෝජනා වී ඇති බව සඳහන්.
මෙවර කැටගොඩ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට අමතරව කබ්රාල් මහතාගේ ඉවත් වීමෙන් හිස්වන රාජ්‍ය අමාත්‍ය ධූරයද ලබා දීමට අවධානය යොමුව ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

