Advertisement

මුට්ටි සෙල්ලමේ නිර්මාතෘ රාජකීය දොස්තර ඒලියන්තටත් කොරෝනා

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය වෛද්‍යවරයා වූ ඒලියන්ත වයිට් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු කරගෙන තිබෙන්නේ.

කොවිඩ් ආසාදනය වූ ඒලියන්ත ‍වයිට් මහතා දැඩිලෙස අසාධ්‍යව මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

නාවික හමුදා නිළධාරීන් හරහා කොවිඩ් වෛසරය රටපුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, කුණ්ඩලිනී යෝගය භාවිතා කරමින් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් සුවපත් කිරීමට ඒලියන්ත වයිට් මහතා කටයුතු කළ බව එම දිනවලදී වාර්තා විය.

ගංගා ජලයේ පැන් කල පා කර යැවීම හරහා කොරෝනා මර්දනය කළ හැකි බව පළමුවරට හඳුන්වා දුන්නේද වයිට් වෛද්‍යවරයායි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා දැක්වූ දායකත්වය හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ආරාධනා ලැබුණු බවද ඒලියන්ත වයිට් මහතා පසුගිය කාලයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements