ඔස්ට්‍රේලියාවට පත් කර යැවූ නව ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්ගේ දේශණය සමාජ ජාල පුරා පැතිරේ - ඉංග්‍රීසි කතා කිරීම ගැන දැඩි කතාබහක්
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
Politics
ඔස්ට්‍රේලියාවට පත් කර යැවූ නව ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්ගේ දේශණය සමාජ ජාල පුරා පැතිරේ
ඉංග්‍රීසි කතා කිරීම ගැන දැඩි කතාබහක්ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් ධූරය සඳහා ජගත් වැල්ලවත්ත මහතා පත් කර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇති වී තිබේ.
ඒ, ඔහු ඉංග්‍රීසි බසින් පළ කළ අදහසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගය.
එහිදී ඔහු පළ කර තිබූ අදහස්වලින් කොටසක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ මෙසේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා ජගත් වැල්ලවත්ත මහතා ඇමතීමට උත්සහ කළ ද, එය සාර්ථක නොවීය.
ජගත් වැල්ලවත්ත මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන අතර මීට පෙර ළමා ආරක්ෂක අධිකාරිය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතනවල සභාපති ධූරය දරා තිබේ.



