Advertisement

සල්ලිවලට NMRA පනත කැලේ ගියාද?  ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මකලා

සල්ලි ඉදිරිපිට නීතිය බල්ලට ගිය අවස්ථා ඕනෑ තරම්ය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් 'ගවන්මන්ට් ක්ලවුඩ්හි' තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක ඉතා සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාමේ සිද්ධිය ගැන සිදුකෙරෙන විමර්ශන තවමත් ප්‍රමාදය. 

ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මේ ලෙස දත්ත මැකීයාමක් සිදුවීම බරපතළ අන්දමේ වරදක් බව නිතී විශාරදයන්ගේ මතය වී ඇත. 

මෙහි 24 වන වගන්තියට අනුව අධිකාරියේ සෑම සාමාජිකයෙකුම තම රාජකාරි ආරම්භ කිරීමට පෙර  තමන්ට පැවරී ඇති වැඩකටයුතු වලට අදාළ සම්පූර්ණ රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දෙමින් ප්‍රකාශයකට අත්සන් කළයුතු වේ. මේ නියමය ඊට සම්බන්ධ වන තෙවැනි පාර්ශ්ව වලට ද අදාළ වේ. 

අති සංවේදී දත්ත මැකීයාම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ල වී තිබෙන පෞද්ගලික සමාගමට මෙන්ම එහි කාර්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග ගැනීමෙහිලා අසාමාන්‍ය ප්‍රමාදයක් නිරීක්ෂණය වන බව නීති විශාරදයන් පවසයි . වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද යනුවෙන් පැරැන්නන් පැවසුවාක් මෙන් අතිශය රහස්‍ය තොරතුරු මකාදැමීමට කටයුතු කළ වගකිවයුත්තන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක වේදැයි යන්න තවමත් ප්‍රශ්නයක් බව නීති විශ්ලේෂකයන් පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements