Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සල්ලිවලට NMRA පනත කැලේ ගියාද?  ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මකලා

සල්ලි ඉදිරිපිට නීතිය බල්ලට ගිය අවස්ථා ඕනෑ තරම්ය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් 'ගවන්මන්ට් ක්ලවුඩ්හි' තිබූ ඖෂධ නියාමන අධිකාරියට සම්බන්ධ ඖෂධ නියෝජිත ආයතන, ඖෂධ ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳ තොරතුරු සහිත ටෙරාබයිට් ගණනක ඉතා සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාමේ සිද්ධිය ගැන සිදුකෙරෙන විමර්ශන තවමත් ප්‍රමාදය. 

ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මේ ලෙස දත්ත මැකීයාමක් සිදුවීම බරපතළ අන්දමේ වරදක් බව නිතී විශාරදයන්ගේ මතය වී ඇත. 

මෙහි 24 වන වගන්තියට අනුව අධිකාරියේ සෑම සාමාජිකයෙකුම තම රාජකාරි ආරම්භ කිරීමට පෙර  තමන්ට පැවරී ඇති වැඩකටයුතු වලට අදාළ සම්පූර්ණ රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දෙමින් ප්‍රකාශයකට අත්සන් කළයුතු වේ. මේ නියමය ඊට සම්බන්ධ වන තෙවැනි පාර්ශ්ව වලට ද අදාළ වේ. 

අති සංවේදී දත්ත මැකීයාම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ල වී තිබෙන පෞද්ගලික සමාගමට මෙන්ම එහි කාර්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග ගැනීමෙහිලා අසාමාන්‍ය ප්‍රමාදයක් නිරීක්ෂණය වන බව නීති විශාරදයන් පවසයි . වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද යනුවෙන් පැරැන්නන් පැවසුවාක් මෙන් අතිශය රහස්‍ය තොරතුරු මකාදැමීමට කටයුතු කළ වගකිවයුත්තන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක වේදැයි යන්න තවමත් ප්‍රශ්නයක් බව නීති විශ්ලේෂකයන් පවසයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook