Featured News

Video Gossip

Advertisement

කොළඹ ඇමතිලාගේ ''කුපාඩි වැඩ'' නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන්ට පාදුක්කේ සංවර්ධන කටයුතු කිරීමට ඇමතිවරුන් කිහිප දෙනෙකු ඉඩනොදීම හේතුවෙන් තමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බවය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ, තමන්ට බලපෑම් කිරීම සඳහා ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා, පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග එක්ව ඔවුන්ට හිතවත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු පාදුක්කට පත් කර ඇති බවය.
මේ වන විට ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපයන් හරහා පොලිසිය දේශපාලන අතකොළුවක් බවට පත්වෙමින් ඇති බවය.

"විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර මැතිතුමාට කිව්වා මේ කුපාඩි වැඩේ කරන්න එපා කියලා. මොක ද ඒ කොට්ඨාසයේ වැඩ කරන්නේ මම ස්වාධීන පොලිස් ස්ථානාධිපතිවරයෙක් හිටිය නම් අපට බයක් හැකක් නෑ..... පොලිසිය දේශපාලනඥයෙක්ගේ අතකොළුවක් වුණා ම අපේ ආරක්ෂාව දෙයියන්ට තමයි භාර දෙන්න වෙන්නෙ. සරත් වීරසේකර ඇමතිතුමා පහුගිය දිනවල අර උද්ඝෝෂණය වෙලාවෙ හතර ගාතෙන් අපේ හාමුදුරුවරු වඩම්මගෙන යනකොට අශීලාචාර වැඩේ කරල ආණ්ඩුවට චෝදනාවක් එන විදිහට කටයුතු කළා ම මම ඒකට විරුද්ධව කතා කළා. දැන් ඒ සිද්ධියට මාත් එක්ක පටලැවිල්ලක් හදාගෙන ලොකුගේ ඇමතිතුමත් එක්ක එකතු වෙලා අද පාදුක්කට එතුමාලගේ දේශපාලන හිතවතුන්. එතුමාල හසුරුවන අය.... මේ වගේ කුපාඩි වැඩ කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ උවමනා එපාකම් මත ඉවසල වැඩ කරන්න අපට බැහැ. ආණ්ඩුවේ ගොන්කම් කරන ඇමතිවරුන්ට එරෙහිව ඇතුළේ නැගී සිටීමක් මේ කරන්නේ," ජගත් කුමාර මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සිය ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබූ සම්පූර්ණ සටහන පහත දැක්වේ.

"කරතොත් කරපන් හරියට...බැරි නම් පලයන් අහකට ! පැරණි ජනවහර ( කියමන) අනුව යමින් පාදුක්ක සංවර්ධන කටයුතු ඉටු කිරීමට ඉඩනොදී විවිධ අය සිදු කරන අනවශ්‍ය බාධ හා බලපෑම්වලට විරෝධය දක්වන්න පාදුක්ක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අතිගරු ජනාධිපති තුමා වෙත දැනුම් දුන්නා. කාටවත් මඩගහන්න නෙවෙයි ඇත්ත කිව්වේ. අඩුපාඩු හදාගන්න සමහරුන්ගේ. සභාපති වුණත් නැතත් පාදුක්ක හා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටුකරන ජනතා මෙහෙවර ඒ ආකාරයෙන් ම ඉටුකීරිමට බලාපොරොත්තු වෙනවා. සමහරු අහනවා ඇයි සභාපතිකම අතහැරියේ කියලා. හරියට කරන්න බැරි නම් කරන්න දෙන්නේ නැත්නම් වන වන ඉන්නේ නැතිව අතහැර දාන්න ඕන. මොන තනතුරක්වත් සදාකාලික නැහැ. අපි අත හරින්න පුරුදු වෙන්න ඕන.

මේව විතරක් නෙවේ කොයි වෙලේ මේ ජීවිතය අතහැරල යන්න වෙයි ද දන්නැහැ. විශේෂයෙන් මේ කොරෝනා තත්ත්වය තුළ කොයි වෙලේ ද දන්නැහැ. ඒ යනකොට ගෙනියන්න වෙන්නේ කරපු හොඳ නරක විතරයි. ඒ නිසා ඉන්න ටිකේ තන්හාවෙන් සියල්ල බදාගන්නේ නැතිව බෙදාහදාගෙන වැඩ කරන්න ඕන. කුහකකම් කරල අනුන්ට උගුල් අටවලා, අනුන්ගේ වැඩ කඩාකප්පල් කරලා හැම දා ම ජීවත් වෙන්නත් බැහැනේ. ඒ වගේ ම ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්නත් ඕනෑ නැහැ.

තව අය අහනවා සාගර ලේකම්තුමා මට විනය පරීක්ෂණයක් පක්ෂයෙන් කරනවා කියලා කිව්වා ඇත්ත ද? කියලා. සාගරට පොඩි වැරද්දක් වෙලා, මම දන්න පොදුජන පෙරමුණේ නායකත්වය නම් ඒ ප්‍රකාශයට විරුද්ධව විනය පරීක්ෂණ නොකරන බව මම දන්නවා. සමහරු ඒ ප්‍රකාශයෙන් ටිකිරි ආස්වාදයක් ගන්න උත්සහ කරන්න ඇති. හැබැයි ඒ ආස්වාදය තත්පර දහයක්වත් තියාගන්න බැරිවෙන්න ඇති. ඒ ගැන කනගාටුයි. ඒ වගේ ම මෙම සිද්ධියේදී තොරතුරු සොයා බැලූ මහා සංඝ රත්නයටත් වෙන්න ඕන මොකක් ද අහලා තවදුරටත් සභාපති ධුරයේ රැඳී සිටීමට ආරාධනා කළ ගරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිතුමාට හා මා වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් හඬ අවදි කළ ගරු තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රී තුමාට හා අනිකුත් මැති ඇමතිවරැන්ටත් මගෙ සහෘද හිතවතුන්ටත් ගෞරවනීය ප්‍රණාමය. මගේ අදහස් දැක්වීමේදි කාගෙවත් හිත රිදුණා නම් කනගාටු වෙනව. ඇත්ත, යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පමණයි මගේ අරමුණ. තෙරුවන් සරණයි සැමට."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements