මත්පැන් අලෙවිසල් විවෘත කර තිඛෙන විට ඇස් වසාගෙන සිටි පොලිසිය - එයට එරෙහිවූ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනියි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වූ එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් මහතා ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි.
කොටුව පොලිසිය සඳහන් කළේ, නිරෝධායන නීතිය උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙම විරෝධතාව අද (සැප්. 19) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සංවිධානය කර තිබිණි.
මේ අතර සුරාසල් විවෘත කිරීම හරහා මත්පැන් මිල දී ගැනීමට මිනිසුන් ඒකරාශී වීම සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් ඇතුළු විවිධ පාර්ශව රැසක් සිය විරෝධය පළ කර තිබිණි.
කෙසේ වෙතත්, එකිනෙකා ගැටෙමින් පොරකමින් මත්පැන් මිල දී ගත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ පියවර ගත්තේ නැත.

