Featured News

Video Gossip

Advertisement

කෝටිපතියෙක් සමග විවාහ වුන නයන්තාරා අම්මා කෙනෙක් වෙන්න හීන දකිනවලු

බොහෝ තරුණියන් රංගනයට පිවිසෙන්නේ ගොඩක් කැප කිරීම් කරලා. නමුත් අපේ කළා ලෝකයේ ඉන්න සමහර රංගන ශිල්පිනියන් ඒ වගේ නෑ. ඔවුන් අහම්බයෙන් තමයි රංගනයට පිවිසෙන්නේ, ඉතින් ඒ වගේ අහම්බෙන් කළා ලෝකෙට පිවිසුන රංගන ශිල්පිනියක් තමයි සෙවුවන්දි නයන්තාරා කියන්නේ. 

ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට මුණගැහුණේ ‘තෝඩු‘ ටෙලි නිර්මාණය හරහා. ඉන්පසු ඇය ‘නාඩි’ ටෙලිනාට්‍යට සිය රංගන දායකත්වය ලබාදෙනවා. එක කළා නිර්මාණයක් කරලා නතර වෙන්න හිතාගෙන ක්ෂේත්‍රයට ආපූ නයන්තරා පස්සේ ඒ තීරණය වෙනස් කරනවා.
එකට හේතුව විදියට ඇය කිවුවේ මේ වගේ කතාවක් ” මෙහෙමයි මට ලොකුම බලපෑම තිබ්බේ අපේ පවුලේ අයගෙන් ඒ අය මේ ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියේ අනෙක් අය කියන දේවල් එක්ක, ඒත් මම මේ ක්‍ෂේත්‍රයට එකතු වුනාට පස්සේ එයාලා හිතාගෙන හිටපු දේවල් වෙනස්වුනා ඉතින් දැන් මට තෝරා බේරා ගෙන හොඳ යමක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.” කියලයි.

කොහොම වුනත් මේ වනවිට සේවුවන්දි විවාහකයි. ඇය විවාහ වෙලා ඉන්නේ ලංකාවේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් සමග. ඉතින් ඇය ඇයගේ පවුල් ජීවිතය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මම විවාහ වුනා කියලා ලොකු වෙනසක් නෑ. හැබැයි මම බිරිඳක් වශයෙන් මගේ වගකීම් අකුරටම ඉෂ්ට කරනවා. 

හැබැයි මගේ නිදහස මට උපරිමෙන්ම තියෙනවා. ප්‍රනීත්ගේ පවුලේ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා කෙනෙක් වෙන එක තමයි මගේ ඊළඟ හීනය” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නයන්තාරාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements