Featured News

Video Gossip

Advertisement

පසුගිය අවුරුදු පහේ ආර්ථිකයේ හැසිරීම නිසයි ජනාධිපතිතුමාට කොරෝනා සමග රට ගෙනියන්න හැකි වුනේ 
බැසිල්ගේ හොදම ගෝලයා නිපුණ කියයි

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මෙරටටම ආවේනික හයිබි‍්‍රඩ් ලොක්ඩවුන් ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා සඳහන් කරයි.

අද වන විට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ මෙවන් ආකාරයේ ලොක්ඩවුන් සීමා බවද ඒ මහතා පවසයි.

රට තුළ අත්‍යවශ්‍ය සේවා කර්මාන්ත ආදිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දී ඇති බව පැවසූ ඔහු අපනයන වෙළඳාමට අදාළ කටයුතු කිසිසේත්ම නැවතීමට නොහැකි බවද පැවසීය.

රට සම්පූර්ණයෙන්ම වසා දැමීම වසංගතය මර්ධනය සුදුසුම ක්‍රමවේදය නොවන බව ද පැවසූ ඔහු නවසීලන්තය ඕස්ට්‍රේලියාව රටවල් දැඩි සීමා ක්‍රියාත්මක කලද එහි ද ආසාදිතයන් වාර්තා වන බව කියා සිටී.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමට තරම් ආර්ථිකය ශක්තිමත් නැති බවද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගැනීමට පෙර පැවැති පාලනය ආර්ථිකය ශක්තිමත් කළේ නම් රටත් සම්පූර්ණයෙන්ම වසා දමා හෝ වසංගතය මර්ධනය කිරීමට හැකියාව තිබූ බවද ඔහු තවදුරටත් සදහන් කලේය.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements