Advertisement


ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා පත්කරන ලද මිලින්ද මොරගොඩ මහතා ගේ විශේෂ බලතල පිළිගැනීම ඉන්දීය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් වාර්තා කරයි.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මහ කොමසාරිස් ධූරයට පත්කර ඇත්තේ අමාත්‍ය වරයෙකු සතු බලතල සහිතව බව ද එම වාර්තාවන්හි සඳහන් වේ.

මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මිලින්ද මොරගොඩ මහතාගේ එකී බලතල පිළිගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව අදාළ වගන්ති ඉවත් කර නව ලිපිගොනුවක් එවන ලෙසත් එය ඉන්දීය රජය වෙත යොමු කළ හැකි බව ද දැනුම් දී ඇතැයිද සඳහන්ය.

මෙම තත්ත්වය මත මහකොමසාරිස් ධුරයේ අක්ත පත‍්‍ර මිලින්ද මොරගොඩ මහතා මෙතෙක් භාර දී නැති බවත් වාර්තාවන් තව දුරටත් කියා සිටී.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද මිලින්ද මොරගොඩ මහතා සිය රාජකාරි ආරම්භ කිරීම නව දිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී පසුගිය 30 වැනිදා සිදු කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements