නාලක ගොඩ හේවා මහින්දට කැපිල්ලක් දමා ජනපති ගොඩදායි | Nalaka Godahewa
gossip
,
gossip lanka
,
Nalaka Godahewa
,
News
,
Politics
මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙසේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින් තම ට්විවර් ගිණුමේ තබන ලද සටහනක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල විවේචනාත්මකව අදහස් පළ වෙයි.
නාලක ගොඩහේවා මහතා සඳහන් කර ඇත්තේ වසර කිහිපයකට පෙර රූපවාහිනි මධ්‍යස්ථානයකට දේශපාලනඥයෙක් කඩා වැටුණු විට එවක රජය ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
නමුත් වර්තමාන රජය කාලයේ පිළිගත නොහැකියි සිදුවීම් වූ විට වේගයෙන් ප්‍රතිචාර දැක්වීම ගැන සතුටු වන බවත් කිසිවකුට ඉහළින් නීතිය සිටින බවක් නොදැනෙන බවත් එහි සටහන්ය.
නමුත් සමාජ ජාල වල ප‍්‍රතිචාර දක්වන්නන් සටහන් කරන්නේ ඇමතිවරයා විසින් සිහිපත් කරන දේශපාලනඥයා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බවයි. එවක ජනාධිපතිවරයා වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවත් වත්මන් ජනාධිපතිවරයා එවකට ආරක්ෂක ලේකම් බවද ප‍්‍රතිචාර දක්වන්නෝ කියා සිටිති.


