Featured News

Video Gossip

Advertisement

දෙපැත්තක් බලන්න අමල් අයියට තියෙනවානෙ, දෙපැත්ත ගැනම එයා බලනවා - හැම වෙලාවකම මම කියන්නේ නැහැ - ශිරෝෂි

ශිරෝෂි රොමේෂිකා කියන්නේ පුංචි තිරයේ දකින්න ලැබුණු අපේ රටේ සිටි ජනප්‍රියම රංගන ශිල්පිනියක්. එලෙසින් ශිරෝශිට අපේ රටේ ප්‍රේක්ෂක ආදරය ගොඩක් හිමි වුනා. ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සොඳුරු රංගන ශිල්පිනිය නර්තනයටත් ගොඩක් දක්ෂයි.

දැන්නම් ඇය වැඩිය කළා ක්ෂේත්‍රය තුල දකින්න නොලැබුනත් මාධ්‍ය සාකච්චාවකට එකතු වෙමින් වැඩ කටයුතු ගැන මේ විදියට කියලා තිබුනා. ඒකාලයට වඩා දැන් ජිවිතේ හරිම වෙනස්, ගොඩක් වගකීම් දරන්න වෙනවා. 

අම්මා කෙනෙක් විදියට දුවගේ අනාගතය වෙනුවෙන් තමයි දැන් හැමදෙයක්ම කරන්නේ. මට පුංචි දියණියක් ඉන්නවා, ඇයගේ නම මෝරිෂා අමාශි පෙරේරා. 

එයාගේ දඟ වැඩ හුරතල් වැඩ එක්කම දියණියගේ සෑම දෙයක් එක්කම කාලය ගත කරමින් ඉන්නවා. මම ගොඩක් අසාවෙන් හිටියේ පුතෙක්ට, නමුත් දැන්නම් දියණිය ලැබුනට පස්සේ ඇයට ගොඩක් ලොකු ආදරයක් දෙනවා.
දුව දකින බොහෝ දෙනෙක් කියන්නේ අමල් පුංචි කාලේ වගේ කියලා. දුවෙක් උනත් ඇයගේ හැඩ රුවත් අමල්ගේ වගේමයි. ඇයත් පුංචි කාලයේ ඉඳලාම කලාවට ගොඩක් ආස කරන කෙනෙක්. ගීත අහන්න, නටන්න, ගයන්න ඒ හැම දෙකටම ගොඩක් කැමතියි.

 නමුත් මම නම් කියන්නේ නැහැ අම්මයි තාත්තයි කලාවේ සිටියා කියලා ඇයත් එහෙම වෙන්න ඕන කියලා. දුව ලොකු වෙද්දී ඇය කැමති ක්ෂේත්‍රයක ඉදිරියට යන්න මම උදව් කරන්නේ. ඒ දේවලුත් එක්ක මගේ වැඩත් සෙමින් කරගෙන යනවා. නව නිර්මාණ වලට නම් වැඩිය සම්බන්ද වුනේ නැහැ. ගොඩක් ආරාධනා නම් පසුගිය කාලය තුල ලැබුනා.

 ඉදිරියේදී ඉඩක් ලැබුනොත් ඒ ගැන හිතලා හොඳ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අමල් වුනත් අපි ගැන හොයලා බලනවා. දුවටත් ගොඩක් ආදරෙයි. නමුත් එයත් කාර්යභහුල කෙනෙක්.

එයාගේ වැඩත් එක්ක දුව ගැන බලන්න කියලා හැම වෙලාවකම මම කියන්නේ නැහැ. මොකද අමල්ටත් දෙපැත්තක් බලන්න තියනවා. කොහොම වුනත් ඉතින් දරුවෙක් ඉපදුනු ද ඉඳන් ගොඩක් දේවල් කරන්නේ අම්මාලා.ලඟින් ඉඳලා හැමදෙයක්ම බලනවා. ඒ අය ලොකු උනත් එහෙම තමයි. මටත් කලා වැඩකටයුතු වලට ගොඩක් ආරාධනා ලැබුනත් පුංචි දියණියකගේ මවක් විදියට මම දුව වෙනුවෙන් ඉන්නවා. 

එයාට මාව නැතුවම බැහැ. අමල්ටත් හැමවෙලාවකම හොයලා බලන්න බැරි නිසා මම හිතුවා දුව වෙනුවෙන් සම්පුර්ණ කාලය යොදවන්න ඕනේ කියලා. දුව නන්දිමාල් පුතාටත් ගොඩක් ආදරෙයි, අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳින් කතාබහ කරනවා. ආදරෙන් ඉන්නවා. ඉදිරියේදී නම් ලොකු සැලසුම් කියලා බලාපොරොත්තුවෙන් නැහැ. ලැබෙන විදියට අවස්ථා වලට සාර්ථකව මුහුණ දෙනවා. ඒ වගේම අපි දෙන්නගෙම හැකියාව දුවට පිහිටලා තියනවා. නමුත් ඇය කැමති මාර්ගය අනාගතයේදී තොරාගනිවී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements