NMRA දත්ත මැකීමෙන් ගොඩ ගියේ කවුද ?
කොවිඩ් වසංගත තත්වය මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩිව බලපාන ලද මෑතකාලීන සිද්ධි දෙකකි.
මේ සිදුවීම පිළිබද අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ මෙය සැලසුම්සහගත, හොඳම මාෆියා ක්‍රියාකාරිත්වයක් හැටියටයි අපි දකින්නේ' යන්නයි. මෙවැන්නක් සිදුකිරීමට අවශ්‍ය වී තිබෙන්නේ කාටද යන්න මීලගට නැගෙන ප්‍රශ්නයයි. සිදුවීමෙන් අපහසුවට පත්වන්නේ ආණ්ඩුවයි.
දැනට අනාවරණය වී ඇති කරුණු අනුව මීට සම්බන්ධ වී සිටින්නේ විපක්ෂයේ ප්‍රබල දේශපාලන බලවතෙක්ය. මේ ප්‍රබලයා විසින් පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මැකීයාම සිදුව තිබේ.
සංවේදී දත්ත විනාශ කර දැමීම තුළින් ආර්ථික ලාභයක් අත්කර ගැනීම මෙන්ම මුළු මහත් රටම දැවැන්ත සමාජීය හා ආර්ථික අර්බුදයකින් ගොඩඒමට උත්සහ දරන මොහොතක රට තව තවත් වියවුල් කරමින් ජනතාව ආණ්ඩුවට චෝදනා කරන තැනට පත් කිරීම මොහුගේ අභිලාශය වූ බව විශ්ලේශකයන්ගේ මතයයි.

