Featured News

Video Gossip

Advertisement

බීමත් ඇමති සමග වැලිකඩ පැන්න ඇමති එක්ක එල්ලුම් ගස බැලුවේ පුෂ්පිකාද?
ඒ ඇමතිම බීමතින් රුවන්මැලි සෑයටත් පැනලා

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී කලහනාරී ලෙස හැසිරැනු අමාත්‍යවරයා සමග මෑතකදී මහත් ආන්දෝලනයකට ලක් වූ විවාහක රූ රැජිනක් සහ තවත් තිදෙනෙක් සිට ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

එම රාජ්‍ය අමාත්‍යවරයා මරණ දඬුවම නියම සිටින අපරාධකරුවන් රඳවා ඇති සිරකුටි මැදින් එල්ලුම් ගස අසලට ගොස් ඔහු සමඟ පැමිණි පිරිසට එල්ලුම්ගස පෙන්වා ඇති බවද සඳහන්ය.

අමාත්‍යවරයා අධික බීමතින් සිටි ඇති අතර ඔහු අතට ඇති ගිනි අවිය සමග අවස්ථා දෙකක දී බිම ඇද වැටී තිබේ.
මෑතක දී මෙරට වැඩි වශයෙන් අාන්දෝනයකට ලක් වූ විවාහක රූ රැුජිනන් වන්නේ ලෝක විවාහක රූ රැජන කිරුළ දිනු කැරොලින් ජුරි හා ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වායි.

ශ‍්‍රි ලංකා විවාහක රූ රැජින අවසන් තරගයේදී කිරුළ බලහත්කාරයෙන් ගැලවීම හා යලි පැලදවීම හේතුවෙන් එය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් ආන්දෝලනයක් ඇති කලේය.

බීමතින් වැලිකඩට පැන්න ඇමතිම බීමතින් රුවන්වැලි සෑයටත් පැනලා

වැලිකඩ බන්ධනාගාරයට බීමතින් ගොස් එහි කලබැගෑනියක් ඇති කළ රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා රාත‍්‍රියේ රුවන්වැලි මහා සෑයට ද බීමතින් ගොස් ඇතුළුවීමට උත්සාහ දරා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව හෙළි කර සිටියේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමතිවරයා බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ එහි නිලධාරීන්ට පවා තර්ජනය කරමින් යයිද ඇය කියා සිටියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements