Featured News

Video Gossip

Advertisement

NMRA දත්ත මගඩිය පිටුපස පුද්ගලික දුරකථන සමාගම් මාෆියාවක් ?


ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම සිදුකරන්නේ ඖෂධ නියාමන අධිකාරිය මගිනි. මෙරට පවතින ඖෂධ වර්ග, ඖෂධ මිලදී ගැනීම, ඖෂධ සැපයීම සිදුකරන සමාගම්වල ලියාපදිංචිය ඇතුළු ඉතා වැදගත් දත්ත රාශියක් පවතින අන්තර්ජාල දත්ත ගබඩාව පසුගිය ජූලි මස මුල දිනකදී මැකී ගිය බව මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කෙරුණි. 

අදාළ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් කටයුතු කළ විදේශීය හිමිකාරිත්වය යටතේ පවතින දුරකථන සමාගමක් මේ සිද්ධිය පිටුපස සිටින බවට වූ කරුණු අනාවරණය වෙමින් පවතියි. මේ සමාගම සිය පාරිභෝගිකයන්ගේ දුරකථන අංක තවත් අයට විකුණු බවට අවස්ථා ගණනාවකදී චෝදනා ලබා ඇත. රජය සතු සංවේදී තොරතුරු පද්ධතියක් විදේශයක විශාල කොටස් හිමි සමාගමකට ලබාදීමට රාජ්‍ය නිලධාරීන්ද සම්බන්ධ බව මේ වනවිට අනාවරණය වෙමින් ඇත.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළද පහන්තුඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් සොයන වේගයෙන් මේ තොරතුරු අනාවරණය වීම වේගවත් නොවන බව පැහැදිලිය. දැන් මහජන ක්‍රියාකාරීකයන්ගේ වගකීම වී ඇත්තේ ජනතාවද පෙළගස්වාගෙන තොරතුරු පනත භාවිත කරමින් ජනතාවට බලපාන මේ ඖෂධ මගඩිය මෙන්ම ඒ පිටුපස සිටින පුද්ගලික දුරකථන සමාගම ගැන ද අනාවරණය කරන ලෙස ආණ්ඩුවට බලකර සිටීමයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements