Advertisement

ටෙලිකොම් පටලවා NMRA සැබෑ දත්ත හොරු මුදාගැනීමේ මෙහෙයුක්

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීමේ මගඩියට සම්බන්ධ සැබෑ වැරදිකරුවන් තාමත් නිදැල්ලේය. මේ ගැන පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පැවසුවේ, 'මේක මැකෙන්නේ ජුලි 9 වැනිදා. සීඅයිඩීයට යන්නේ ජුලි 23 වැනිදා. සති 2ක් යනකල් නඩුවක් දාන්නේ නෑ.' යන්නයි. සිද්ධියට අදාළව විවිධ රාජ්‍ය ආයතන මත චෝදනා එල්ලවුවද සැබෑ වැරදිකරුවන් තවමත් නීතිය හමුවට පැමිණවීම සිදුවී නැත.

මේ අතර මේ මහා කුමන්ත්‍රණය පිටුපස සිටින විදේශීය සමාගම තම නිරුවත වසාගන්නේ දේශීය සමාගමක් වන ටෙලිකොම් වෙත චෝදනා එල්ල කරමින් හා රජයේ ආයතන මත වරද පටවමින්ය. මේ වෙනුවෙන් වූ මතය ගොඩනැගීමට ඔවුන් යොදාගන්නේ කෝකටත් තෛලය වන ෆේස්බුක් කුලී ලියන්නන්ය.
ඉන් නොනැවතී විශාල මුදලක් වැයකරමින් එක දිගට ෆේස්බුක් පිටු හරහා ද තමන්ට වාසිදායක ප්‍රචාරණයක් දියත් කරමින් සිටියි. මේ වනවිට ටෙලිකොම් සමාගම වෙත වරද පටවන්නට ඔවුන් තවත් උපායක් අනුගමනය කරමින් සිටියි. ඒ කුලියට ගත් දේශපාලකයන් මාධ්‍ය හමු වලට ගෙන්වා ගෙන ඔවුන් ලවා තමන්ට අවශ්‍ය තොරතුරු කියවා ගැනීමෙන්ය. මේ සෑම දෙයකින්ම ඔප්පු කිරීමට උත්සහ ගන්නේ සිය නිදොස් බවයි.දත්ත මගඩියට ටෙලිකොම් පටලවා සැබෑ දත්ත හොරු පලායන්නට දරන උත්සහයයි.

මහත් පුදුමයට කාරණය වී තිබෙන්නේ රජයේ පාර්ශ්ව තමන් ඇතුළු රාජ්‍ය ආයතවලට එල්ල වෙන මෙම පදනමක් නැති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීමේ අසාමාන්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements