Featured News

Video Gossip

Advertisement

NMRA දත්ත මගඩිය සිදුකළ පුද්ගලික සමාගම අතේ මාට්ටු

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියට වගකිවයුත්තේ එපික් ලංකා ටෙක්නොලොජීස්
ආයතනය බව මේ වනවිට සිදුකර ඇති විමර්ශන වලින් අනාවරණය වී තිබේ. දත්ත පද්ධතියේ මෙහෙයුම් කටයුතු සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මසකට එපික් ලංකා ආයතනයට ලක්ෂ 05ක ගෙවීමක් කරන පසුබිමක ආයතනයෙන් ඉවත්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබු සේවකයෙකු මෙම වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ වගකීම් විරහිත බව පෙන්නුම් කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.
පසුගිය ආණ්ඩුව සමයේදී මේ දත්ත සම්බන්ධ පරිපාලනය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයට පැවරු අතර එදා සිට තවමත් මේ දත්ත සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එම සමාගමයි. මාධ්‍ය හමු පවත්වමින් රජයට එරෙහිව චෝදනා නගන අතරතුර තම හිතමිත්‍ර ජාවාරම්කාර Dialog සමාගම ආරක්ෂා කිරීමටද ඇතැම් පාර්ශ්ව උත්සහ කළේය.

NMRA දත්ත මකා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊයේ අධිකරණය හමුවේ පවසමින් පෙන්වා දුන්නේ මෙය ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ මෙම දත්ත මකාදැමීම පිළිබඳව පැවසුවේ තමන් ඖෂධ නියාමන අධිකාරියට විරුද්ධව එහි තිබෙන දුෂණ වංචා පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් එහි විමර්ශන සිදුකරන අතරතුර ඊට අදාළ දත්ත ගබඩාවේ ඇති ලිපි ගොනු විශාල ප්‍රමාණයක් විනාශ කර ඇති බවත්ය. 'තරාතිරම නොබලා ඒකට සම්බන්ධ පුද්ගලික සමාගම විතරක් නෙවේ, ඒ පිටිපස්සේ ඉන්න පැවති රජයේ මහා මොළකාරයින් වන දේශපාලනඥයින් පවා වහාම නීතිය ඉදිරියට ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න' යන්නයි.

මේ මගඩිය සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක අතර ඊයේ දිනයේදී NMRA දත්ත මැකීයාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු CID මඟින් අත්අඩංගුවට ගැනිණි. දත්ත මකා දැමීමට ඔහු විශේෂ විධානයක් සකස් කර ඇති අතර ඔහුට ඊට අනුබල දුන්නේ කවුරුන්ද යන්න අද දිනයේදී ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු අනාවරණය වනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements