Featured News

Video Gossip

Advertisement


සුවසැරිය හදිසි ගිලන් රථ සේවයට ගතවූ පස් වසර තුළ ඇමතුම් හතළිස් හතර ලක්‍ෂ හතළිස් දහස් දෙසීය අනූවක් (4,444,290) ලැබී ඇතැයි එම සුවසැරිය පදනමේ ප‍්‍රධාන විධායක නිලධාරි ෂොහාන් ද සිල්වා මහතා පැවැසීය.

එමෙන්ම මෙම ගතවූ කාලය තුළ හදිසි අවශ්‍යතා සඳහා සුවසැරිය ගිලන් රථ සේවය අවස්ථා නව ලක්‍ෂ හැටපන්දහස් එකසිය තිස් පහකදී (965,135) පමණ මහජනතාව වෙනුවෙන් පිහිට වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ෂොහාන් ද සිල්වා මහතා

‘‘සුවසැරිය 1990 අංකයට දවසකට ඇමතුම් 1000 ක් විතර ලැබෙනවා. නිවසේදී සිදු වූ අනතුරුවලට ලක් වූ පුද්ගලයන්, මහම`ග සිදුවන අනතුරුවලදී තුවාල ලබන පුද්ගලයන්, හදිසියේ රෝගාතුර වන පුද්ගලයන් සම්බන්ධයෙන් ඇමතුම් ලැබෙනවා. ප‍්‍රතිකාර කළහැකි රෝගීන්ට අපේ වෛiවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ප‍්‍රතිකාර කරනවා. රෝහල්ගත කළ යුතු අය රෝහල්ගත කරනවා.

ඒ වගේම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළු සුළු අසනීපවලට නිකරුණේ 1990 ට කතා කරන්න එපා කියලා.

මේ සේවාව සපයන්න සුවසැරිය හදිසි ගිලන් රථ 297 ක් තියෙනවා. 1394 දෙනකුගෙන් සමන්විත සේවක ම`ඩුල්ලක් සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ සේවා සපයනවා.

සුවසැරිය ගිලන් රථ සේවය 2016 දී ආරම්භ වූ බවද හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements