ආයුර්වේද රෝහල්වල ප‍්‍රතිකාරගත් කොරෝනා රෝගීන් 8000 කට සුවයි - මරණ එකක්වත් නැහැ
divaina
,
gossip
,
gossip lanka
,
gossipmnain
නාවින්න හා පල්ලෙකැලේ ආයුර්වේද රෝහල් තුළ ප‍්‍රතිකාර ලැබූ කොවිඞ් රෝගීන් මේ වනවිට අටදහසකට (8000) අධික සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ මහතා ‘‘දිවයින..ට ඊයේ (08 වැනිදා) පැවැසීය.
ආයුර්වේද රෝහල් තුළ ප‍්‍රතිකාර ලැබූ කිසිදු කොවිඞ් රෝගියකු මරණයට පත් නොවීම විශේෂත්වයක් බවද හෙතෙම කීය. ඒ අනුව මේ වනවිට ආයුර්වේද රෝහල් තුළ ප‍්‍රතිකාර ලබන කොවිඞ් රෝගීන් සංඛ්‍යාව හයසියයක් බවද ඒ මහතා කියා සිටියේය.
බස්නාහිර පළාතේ කොවිඞ් ආසාදිතව නේවාසිකව සිටින හැත්තෑපන්දහසකට පමණ ආයුර්වේද ප‍්‍රතිකාර කරන බවද ඒ මහතා කීවේය. මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය පී. හේවාගමගේ මහතා මෙසේද කියා සිටියේය. දැන් කොවිඞ් හැදිලා බටහිර හා ආයුර්වේද ප‍්‍රතිකාර කරපු විශාල පිරිසක් නොයෙකුත් සංකූලතාවලට ලක්වෙලා තිබෙනවා. මෙන්න මේ අය සඳහා නාවින්න ඇතුළු ආයුර්වේද රෝහල තුළ සායන ආරම්භ කරලා තියෙනවා. එහෙම සංකූලතාවලට ලක්වුණු අය ඉන්නවා නම් එන්න ආයුර්වේද රෝහල්වලට ඒ සඳහා ප‍්‍රතිකාර කරන්න අපි සූදානම්.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
Divaina
