Featured News

Video Gossip

Advertisement

ප‍්‍රතික්‍ෂේප කල පොහොර පුරවාගත් චීන නෞකාව බලෙන්ම කොළඹ වරාය ඉදිරියට එයි

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරන ලද පොහොර රැගත් චීන සමාගමේ පොහොර නෞකාවක් ඊයේ රාත්‍රියේ දී කොළඹ වරායට ආසන්නයට පැමිණ තිබේ.

ඒ බව චීන සමාගම් විසින් ආණ්ඩුවේ බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.

අදාල පොහොර විෂ ද‍්‍රව්‍ය අඩංගු වෙන්නේ නැතැයි නැවතත් සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත් ඇති නිසා එම පොහොර තොගය නැවත ගෙනවිත් ඇතැයිද එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඊට අදාළ ලිපි ලේඛනද සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්ය.

හාබර් මාස්ටර්වරයා පවසන්නේ මෙම නෞකාවට වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇති බවයි.

මේ අතර සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඊයේ (22) වාරණ නියෝගයක් ගනු ලැබිණ.

මෙම වාරණ නියෝගය මගින් චීන සමාගම වන කුවින්ග්ඩාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පනි (Qingdao Seawin Biotech Group Co.) වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් (Letter of Credit) යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු කිරීමට නොහැකි වේ.

එම චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීම ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගය නිකුත් කෙරිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements