Featured News

Video Gossip

Advertisement

අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු චීන පොහොර ගෙන්වීමට එරෙහිව අධිකරණයෙන් වාරණයක්

මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිත සමාගමට සහ මහජන බැංකුවට එරෙහිව සීමා සහිත ලංකා පොහොර සමාගම විසින් වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

අදාළ වාරණ නියෝගය හේතුවෙන් එම චීන සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මහජන බැංකුවට කිසිදු ගෙවීමක් සිදු කිරීමට හැකියාවක් නොමැත.
තව ද එමගින් අදාළ චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ගෙවීම් කිරීම ද වළක්වයි.

පොහොර ගෙන්වීමට අදාළ ටෙන්ඩර් කොන්ත්‍රාත්තුව යටතේ චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුවද එම තොගයේ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බව සිය නැව්ගත කිරීමේ උපදෙස්වලදී (shipping advice) සමාගම පිළිගෙන ඇති බව අධිකරණය වෙත දන්වා තිබේ.

ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service) විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්‍ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර ඇති බව වාර්තා වේ.

මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබාගත් නැව්ගත කිරීමක (shipment) කොටසකි.
Mawbima

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements