Featured News

Video Gossip

Advertisement

ඇමති නාමල් ඉන්දීය අගමැති මෝදි හමු වෙයි

ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ඊයේ සාකච්ඡා පවත්වා ඇත .

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය.

එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භගවත් ගීතාවේ ඉංග්‍රීසි , සිංහල හා දෙමළ පරිවර්තනයේ පළමු පිටපතද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වනු ලැබීය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සකස් වූවක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රමාත්‍යවරයා හමුවේ පවසා ඇත.

මේ හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම , අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය නිල ට්විටර් ගිණුමට සටහනක් ද එක් කර තිබුණි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සදහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා හමුවීම සතුටට කරුණක් බවත් , විවිධ අංශ ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් වෙමින් පවතින බවත්ය.

ඉන් දෙරටේම ජනතාවට යහපතක් වනු ඇතැයිද නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර තිබිණි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ ඉන්දියාවෙන් , ශ්‍රී ලංකාවට ලැබුනු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවත් , දෙරටම සැමවිටම සමීප සබදතාවයක් පවත්වා ගෙන බවය.

දෙරටේම ජාතීන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් , අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේත් දැක්ම වන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements