Advertisement

ජනාධිපති ටර්මිනේටර් වරයෙක් කියා බැසිල් කියපු කතාව ඇත්ත වෙලා
දැන් රටම කම්මුතුයි
එරන්ති රංගෙබන්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීම සහ ඔන්ලයින් තාක්ෂණය මගින් පක්ෂයේ කටයුතු ආරම්භ කිරීම නිරෝධායන නීති වලට අනුගත වෙමින් නායත රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරු 4ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

"හෙට එච්චර කලුවර නෑ" "හෙට දකින අපි -හෙට හදන අපි" "හෙට හදන පරපුරේ සාමාජිකයෙක් වන්න"යන තේමාවන් යටතේ මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ එරන්ති රංගෙ බණ්ඩාර මහත්මිය පැවසුවේ වර්තමාන ජනාධිපතිවරයා ටර්මිනේටර් වරයෙකු බව බැසිල් රාජපක්ෂ මහතා කියූ ප්‍රකාශය මේවන විට සත්‍ය වී ඇති බවයි. ටර්මිනේටර් යන්නෙහි සිංහල අරුත කම්මුතු කරන්නා බවත් ඔහු එදා කියූ පරිදි මේවන විට රටම කම්මුතු වී ඇති බව ඇය එහිදී ප්‍රකාශ කෙරිනි. එහිදී ඇය වැඩිදුරටක් පැවසුවේ මේ රටට අවශ්‍ය සමාජ ජාලා තුලින් පුම්බපු නායකු නොවන දැනුමෙන් සන්නද්ධ නායකයකු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් සාමාජික කාඩ් පත එළිදැක්වීම සහ ඩිජිටල් ඩ්‍රයිව් ඇප් මෘදුකාංගය නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

ඔන්ලයින් තාක්ෂණයට අනුගත වන ශ්‍රී ලංකාවේ පළමු පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය මෙම වැඩසටහනට අවතීර්ණ වන අතර මෙදින පක්ෂ නිර්මාතෘ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදී තිබීම ද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන මහලේකම් පාලිත රංගේ බණ්ඩාර , උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ සහභාගීවූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements